මේ අයගෙ හැගීම් දැනීම් අපි වගේම තමයි, එයාලත් කැමතියි සමාජයේ ජීවත් වෙද්දි වෙනම මිනිස්සු කොටසක් විදිහට නැතුව අපි හැමෝම වගේ ඉන්න. අද මෙතනට එද්දි බස් එකේදි මේ එක අයියා කෙනෙක් සීට් එකේ වාඩි වුනාම ඊට එහා පැත්තෙ හිටපු කෙනා නැගිටලා ගියාලු. එයා අහනවා අපි වෙනස්ද කියලා.. මේ අය ගොඩක් තැන් වල අසරණ වෙන්නෙ අපේම ක්‍රියාවන් නිසාවෙන්. අපිට වඩා දක්ෂ අය මෙතන ඉන්නවා, ආයතන හිමිකරුවන්, ව්‍යාපාරිකයින්, ගුරුවරුන්.. වෙන කෙනෙක්ට හිනා වෙන්න කලින් ටිකක් හිතන්න. තව මෙයාලගෙ කතා ගොඩක් ඉදිරියෙදි පෙන්නන්නම්. මේ අය සංවිදානයක් ගොඩ නගලා.. එක එක එක්කෙනා කතා කලා එයාලාගෙ අත්දැකීම් කිව්වා, සමහරෙක් ඒවා අහලා අඩනවා දැක්කා,ඒ අත්දැකීම් එයාලත් විදලා ඇති නිසා වෙන්නැති. එයාලා සතුටු වෙනවත් දැක්කා, තමන්ව වෙනස්ව නොදකින යාලුවන් මුන ගැසුනු නිසා වෙන්න ඇති.. මේ එකමුතුව ගොඩනැගීමට වෙහෙස මහන්සි වුනු Aqua Perl Lake Resort අදිපතිතුමියව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබලාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වේවා..
Copy from : Ishanka FB Post
Leave a Reply